Thursday, April 30, 2009

ඉතින් ඊට පස්සේ

ඔන්න ඉතින් මම පටන් ගත්තු කතාව ඉවරයක් කරලා ඉන්නත් ඔනි නේ.....

ඔහොම ඉතින් පටන් ගත්තු අපේ මේ ස්ංගිත කන්ඩායමේ තාම ඉන්නෙ සාමජිකයො 2නෙක් විතරයි...

මම ඉතින් උ.පේ එහම අහවර කරල යනවා ඉතින් ඔය කොල්ලුපිටිය පැත්තෙ තියෙන පෞද්ගලික පන්තියකට පරිඝනක අධ්‍යාපනය ලබා ගන්න....

ඔන්න ඔතෙන්දි මට හම්බෙනවා මම වගෙම සංගිත උණ තියන කෙනෙක්..එයා තමා උපෙන්ද්‍ර... එයාගේ මිතුරෙක් ඉන්නවා රජිත කියලා...ඒ බුවත් අපේ කණ්ඩායමට එකතු උනලු... ඔන්න අපිට ඔනි වෙනවා අපේ කණ්ඩායමට ගැහනු ළමයෙක් මොක්ද ස්ත්‍රි හඬ වෙනුවෙන්...
අපේ උපෙන්ද්‍ර මල්ලි ගෙ යෙහෙලියක් තමා මිනොලි කියන්නෙ.. ඒ දවස් වල මිනොලි නංගියා විශාරද නන්දා මාලිනියන් ළඟ කටහඬ දියුනු කිරිම සදහා පුහුනුවීම් වල නිර්ත වෙලා හිටියේ..ඔන්න කොහොමින් කොහොමින් හරි එයත් එකතු වෙනව අපේ කණ්ඩායමට අන්තිමෙදි........ඔන්න ඔය අතරේ මම පෞද්ගලික බැංකුවක සෙවය කරන අතරතුරේදිම යනවා මොන්ටාජ් ශබ්දාගරයේ සෙවය කිරිම සදහා.., මොකද මට අවශ්‍ය වෙනව තවත් දැනුම වැඩි කරගන්න සංගිත පටිගත කිරිම සහ අනෙකුත් තාක්ශනික ක්‍රම ගැන...ඔය අතරෙදි ශබදාගරයට පැමිනෙනනවා කෙනක් රවිහංස කියලා...

මගෙත් ඒක්ක ගොඩක් ඒ බුවාත් ෆිට් වෙනවා.. අපේ කන්ඩයමට එන්න කියල එහම අපිත් ඒක්ක කත කරල..... ඉට පස්සෙ දවසක මට කියනවා රවි.. "මචන් මම උමබලට සින්දුවක් දෙන්නම්... අපේ ගෙදරට ඇවිල්ලා හොංද තනුවක් තොරගනිල්ලා කියල....

ඔන්න මම සහ නුවන් අපි දෙන්නම රවීගේ ගෙදර තියන ශබ්දාගරයට ගිහිල්ලා තොරගන්නවා තනුවක්...

අපි අඔකත් අරගෙන ඇවිල්ලා.. අපේ රජිත මල්ලිට දෙනවා වචන ලියන්න කියලා....

උත් ලියනව ව්චන ටිකක් අර තනුවට... මාරගති.....
මෙන්න මෙහමයි වචන ටික....

නින්ද නැතුවම මැව්ව සිහිනෙට....
ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට....

ඉතින් ඔය වචනට ටික රවි බලලා කියනවා එලකිරි අපි කරමු සිංදුව කියලා....
මාස 6ක් විතර පුහුනුවීම් කරලා අපි මොන්ටාජ් ශ්බ්දාගරයෙදි පටිගත කරනව සිංදුව....

ඉට පස්සෙ පටිගත කරපු සිංදුව සංගිතය සමඟ මිශ්‍ර කරලා එහම ගන්නවා....
මල් 7යි... එච්චරට ලස්සනයි.....

ඊට පස්සෙ අපි ගුව්න්විදුලි මාධ්‍යට සිංදුව දෙනවා....
උනු කැවුම් වගේ ප්‍රසිද්ද වෙනවනෙ ඔයි අපේ සිංදුව......


මෙන්න මෙහමයි සිංදුවේ වගතුග....

තනුව සහ සංගිතය- රවිහංස වැටකේපොත.
ගායනය- මංජු, නුවන්, රජිත, උපේන්ද්‍ර සහ මිනොලි.
වචන- රජිත සිල්වා

ඊට පසුව මේ ගිතයට රූපමය නිර්මණයක් පවා නුවන් ගෙ මුලික්තයවෙන් සිදු වෙනව...

ඒ කාලයෙදි මම විදෙස් ගත වෙනවා මගේ වැඩිදුර අධ්‍යපනය වෙනුවෙන්.....

අනේ ඉතින් තමත් මම විදේස් රටට වෙලා ඉගෙනගන්නවා ඒත් සංගිතය නම් නවත්තලා නැතෝ.....

අදහස් කරගෙන ඉන්නවා මම තවත් නිර්මාණ කිහිපයක් නැවතත් කරන්න.. ඒ සඳහා කටයුතු බොහොම ඉබි ගමනින් හලො වෙන්නේ.... මොනවා කරන්නද ඉතින්...ඔන්න ඔකයි කතාව.....

තව කතා ගොඩක් තිය්නව හෙමින් ලියන්නම්........ඔයලට නින්ද නැතුවම සිංදුවත් මම මේකෙම දාන්නම්කො

මෙක ට්‍රයි කොරල කොරලා තමා ලිව්වේ…. වැරදි තිබුනොත් ගනන් ගන්න එපා ඔන්න ..

උදේ පාන්දරම මොනවා ලියන්නද කියලා කල්පනාවට එන්නෙම නැති හැටි අම්මාපා…. ඒත් අත අරින්නේ නැ මාත් ගේම…..

දන්න කලේ ඉන්දලා ආසම දෙයක් තමා සංගිතය කියන්නේ…..

කොලු කාලෙනේ ඉතින්….. හිප් හොප් සංගිතය අපිත් යාන්තමට විතර අහනව ඔය කියන දවස් වල …..

1999 භාතිය සන්තුශ් දෙන්නාම ඔය හිප් හොප් උණ බො කරනවා ලංකාවට

අනේ ඉතින් අපිත් ඔය භාතියලගෙ සිංදු අහගෙන එහෙම අපේ සා.පෙ එහම කරලා උ.පේ කරන කාලේ ඔන්න හැදෙනව අපිටත් පරිඝනක සංගිතය
කියන අරුම පුදුම සාස්තරේ ගැන හොයන්න හිතෙනවලු….

ඔය කියන කාලෙ මගෙ ගජයා (දැන් නෙමෙ ඉස්සර )නුවන් ..

ඔය කියන බුවා ඒක්ක මාත් නිකන් කියනවා අපිත් සංගිත කණ්ඩායමක් පටන් ගම්මු කියලා….ප්ලෑන් ගහලා ගහලා….
පරික්ෂන කරලා කරලා මෘදුකාංග එහම හොයාගෙන අපෙ ගෙදර පොඩි පොඩි සද්ද බද්ද දාලා.. අපෙ අම්මගෙන් වෙලවකට කන පිරෙන්න එහම අහගෙන… පොඩි දැනුමක් ගන්නවා මේ අලුත් කලාව ගැන…

ඔය අතරේ අපි දෙන්නට සෙට් වෙනවාSide effects කියන කන්ඩායම….

අනෙ ඉතින් කියන්නත් මොකක්ද වගේ….
ඔන්න ඉතින්” පියබන්නට” කියල අපේ 1st සින්දුව අර කිය්පු කන්ඩයමේ උදවු ඇතිව නිර්මාණය වෙනවලු ඔන්න… කික් නේද මම අහන්නෙ…. ආආ…

තනුව සහ සංගිතය මධුසංක
පද.. වෙන කාගෙවත් නෙමේ ඉතින් මේ මගෙලු…..
ගායනය… එකත් මේ මංලු ඉතින්…
අර රැප් කියන එවා කියන්නෙ මගේ ඒ ද්වස් වල ගජයා නුවන් ලු ඔන්න ..

සින්දුව මම මෙකේම දාන්නම්කො කොහොම හරි…
එක ඉතින් අපේ කරුමෙටද නැත්ත්ම් අහන්න හිටපු අයගේ කරුමෙද කියන්න මම දන්නෙ නැ….
ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න බැරි උනානෙ…. වැඩ ඔක්කොම ඉවර නොකරපු සින්දුව තමා මේ තියන්නෙ ඔන්න…

මට වැඩිය ගායනා කරන්න බෑ ඉතින්.. මේකේ මාර විදියට සෘතියට පිටින් කියනවලු ඉතින්… ගනන්ගන්න එපා ඉතින් එවා……වැටි වැටිනේ නැගිටින්නේ.. නැද්ද මම අහන්නේ…

ඔන්න ඔහොමයි මගේ සංගිත ගමනේ පටන් ගැනුම……
ඊට පස්සෙ මොකද උනේ කියලා මම ඊලගට කියන්නම්කො…..

මම අලුත් තාම…

ඔන්න ඉතින් දවස් ගානක් මෙ බොල්ග් සිද්දිය බලාගෙන ඉන්දලා ඉන්දලා බැරිම තැන මාත් set උනා…….